හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවන් දෙදෙනෙකු පානදුරේදී අත්අඩංගුවට
Friday, 04 September 2020 - 11:45 | Views - 385
හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවන් දෙදෙනෙකු පානදුර - නිව්ඩාව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර පොලීසිය සිදුකළ වැටලීමකදී එම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකාර කාන්තාවන් සතුව තිබී රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් ග්රෑම් 15 කට ආසන්න ප්රමාණයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
එකම පවුලේ සොහොයුරියන් වන මොවුන් අවුරුදු 40, 55 යන වයසේ පසුවනවා.
මොවුන් සතුව තිබී ජංගම දුරකථන 4 ක් සහ වරින්වර හෙරොයින් ජාවාරමෙන් උපායගත් මුදල් තැන්පත් කරන ලද බව කියන බැංකු පොතක්ද පොලිසිය භාරයට ගනු ලැබුවා.
Share This Article