රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාස ව්‍යාපෘතියක්
Friday, 04 September 2020 - 10:38 | Views - 7,843
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු මධ්‍යම පාන්තික ආදායම්ලාභී සේවකයින් සඳහා ඔවුන්ගේ ආදායමට දැරිය හැකි නිවාස ලබාදීමට හැකිවන අයුරින් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇති අතර, ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සලසා ගැනීමට වසර 05 ක කාලයක් සඳහා වලංගු රුපියල් බිලියන 25 ක ණයකර නිකුතුවක්ද නිකුත් කිරීමට නියමිතයි.
එම නිවාස විකිණීමෙන් ලැබෙන ආදායම් මගින් ණයකර පියවීම සිදු කෙරෙනු ඇති.
එහිදී නිවාස මිලදී ගැනීම සඳහා අදාළ ගැනුම්කරුවන් වෙත සහන ණය පොළී අනුපාතිකයක් ලබාදීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ගැනුම්කරුවන්ට අවුරුදු 25ත් 30ත් අතර කාලසීමාවක් ද හිමිවනු ඇති.
Share This Article