සැප්තැම්බර් 08 වැනිදා සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ සිදුවන දේ
Friday, 04 September 2020 - 10:05 | Views - 499
ලබන සැප්තැම්බර් 08 වැනිදා සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්කිරීමට ඊයේ (03) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය කර තිබෙනවා.  

එම රැස්වීමේදී ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනා පරිදි ලබන 08 වැනිදා සභාව කල් තැබීමේ විවාදයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව ,මුදල් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව 2020 විවාදයට ගැනෙනවා.

එදින පස්වරු 01.00 සිට පස්වරු 06.30 දක්වා පාර්ලිමේන්තුව රැස්වනවා.

සැප්තැම්බර් 09 වැනිදා නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනත යටතේ නියමයන් 09ක් ,සුරාබදු ආඥා පනත යටතේ නිවේදන 10ක් විවාදයට ගැනෙන බවයි සඳහන් වන්නේ.

සැප්තැම්බර් 10 වැනිදා වරාය ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නිවේදන 06ක්, රේගු ආඥා පනත යටතේ නියමයන් 03ක් සහ රේගු ආඥා පනත යටතේ යෝජනා 06ක් ද විවාදයට ගැනෙනවා.

සැප්තැම්බර් 09 වැනිදා පස්වරු 01.00 සිට පස්වරු 07.30 දක්වාත් , සැප්තැම්බර් 10 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 07.30 දක්වාත් පාර්ලිමේන්තුව රැස්වනවා.

සැප්තැම්බර් 11 වැනිදා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ හිටපු අමාත්‍ය දිවංගත ආරුමුගම් තොණ්ඩමන් පිළිබද ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කෙරෙනවා.

එදින පෙරවරු 10.30 සිට පස්වරු 06.30 දක්වා ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කෙරෙන අතර, එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු, මැති ඇමැතිවරුන් රැසක් තොන්ඩමාන් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top