ගැබිණි කාන්තාවක් අමානුෂිකව මරා දමා, ඇගේ නූපන් දරුවාව කුසෙන් එළියට ගත්, උමතු තරුණියක් කළ හිත්පිත් නැති අපරාධය
ගර්භනී කාන්තාවක් ඝාතනය කර ඇගේ නූපන් දරුවාව ගර්භාෂයෙන් ඉවත් කරවූ අතිශය අමානුෂික පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
24 හැවිරිදි ෆ්ලෙවියා ගොඩින්හෝ මාෆ්රා නම් මෙම බ්‍රසීලියානු තරුණියට මෙම අපරාධය සිදු කර ඇත්තේ ඇගේම මිතුරියක විසින් බවයි වාර්තා වන්නේ.
ඝාතනය කිරීමෙන් අනතුරුව "ව්‍යාජ දරුවෙකු" අදාළ මිය ගිය කාන්තාවගේ බව පෙන්වා ඇය විසින් අන්යන් රැවටීමකට ද ලක් කර තිබුණා.
ෆ්ලෙවියා ඝාතනය වෙද්දි ඇගේ දරු ගැබට සති 36ක් ගතවී තිබුණා.
ඇගේ සැමියා හා මව විසින් ඇගේ මළසිරුර සොයාගෙන ඇති බවයි ඩේලිමේල් පවසන්නේ. (ඒ උදෑසන 9ට පමණ.)
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර කාන්තාව හා ඇගේ සැමියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත් වූ කාන්තාව ජනවාරි මාසයේ සිදුවූ ගබ්සාවක් හේතුවෙන් දරුවා අහිමි කරගෙන ඇති අතර මේ නිසාම දරුවෙකු සොරකම් කිරීමේ උමතුවකින් පෙළුණු බවයි වාර්තා වන්නේ.
Dailymail ඇසුරිනි.