2025 අවසන් වීමට පෙර සියලු නිවෙස් වෙත පානීය ජලය
Friday, 04 September 2020 - 8:20 | Views - 385

2025 වසර අවසානවීමට පෙර පැය විසිහතර පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විමසුමට ලක්ව තිබෙනවා.
ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වුණා.
එහිදී ගංඟා, ඇල දොල සහ ජලපෝෂක ප්‍රදේශ පිරිසිදුකොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන් කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නා.
“සැමට ජලය” සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ඉදිරිපත් කෙරුණු ප්‍රමුඛ ප්‍රතිඥාවක්. ඒ අනුව ඉදිරි සිව් වසර තුළ පවුල් ලක්ෂ 47 කට ජලය සැපයීම රජයේ අපේක්ෂාවයි.
දේශීය සහ විදේශීය අරමුදලින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සඳහා ජල නල කිලෝමීටර් 40,000 ක් අලුතින් එලීමට සිදුවනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් කාන්දුවීම හේතුවෙන් අපතේ යන ජල ප්‍රමාණය සමස්ත ජල සැපයුමෙන් 45% ක්.
කෙසේ වෙතත්, ගතවූ මාස කිහිපය තුළ අලුතින් ජල නළ එලීමෙන් එය 15% දක්වා අඩුකර ගැනීමට හැකිව තිබෙනවා.
ජල නල එලීමේදී මාර්ගවලට වන හානිය සහ එමඟින් ජාතික ධනය විනාශවීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමටද ඊයේ පැවති සාකච්ඡාවේදී එකඟතාවය පළවුණා.
Share This Article