විස්ස බලපාන්නේ කෙසේද?
Friday, 04 September 2020 - 8:18 | Views - 553
ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණු යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි අඩංගු කරුණු කුමන ආකාරයෙන් බලපාන්නේද යන්න පිළිබඳව විග්‍රහ කිරීම සඳහා කාලය අවශ්‍ය වන බව නීතිවේදීන් පෙන්වා දෙනවා.
නව ව්‍යවස්ථා සංශෝධනය මගින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු වූ කරුණු රැසක් යළි සංශෝධනයට ලක් කිරීම, ශක්තිමත් රජයක් පවත්වාගෙන යාමේ අරමුණින් සිදුකරන්නට ඇති බවයි ඔවුන්ගේ අදහස වන්නේ.
ඊයේ ප්‍රකාශයට පත්කෙරුණු නව සංශෝධනයට අනුව නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගැනීමෙන් අනතුරුව වසරක කාලයක් ඉක්ම ගිය පසු ජනාධිපතිවරයාට ස්වකීය අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙතෙක් පැවති අවුරුදු 35 වයස් සීමාවද ඉවත් කර ඒ සඳහා වයස අවුරුදු 30 යන්න ආදේශ කර තිබෙනවා.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කුමන ආකාරයෙන් බලපාන්නේද යන්න පිළිබඳව විග්‍රහ කිරීම සඳහා එය කෙටි කාලයක් ක්‍රියාත්මක වීම නිරීක්ෂණය කිරීමට අවශ්‍ය බවද ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මෙහිදී ප්‍රකාශ කළා.
Share This Article