ඡන්ම දිනයේ දී අප සැමට හුස්ම ලබාදෙන මිහිතලයට එක් පැලයක් එකතු කරමි- උපන්දිනයට පැලයක් රෝපණය කරමින් හිටපු ජනාධිපති මෛත්රීපාල Facebookහි තැබු සටහන
මිහිතලය මතු උපදින දරුවන්ට ආරක්ෂ කර දීම අප සැමගේ යුතුකම බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා.
සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමිනුයි ඔහු මේ බව ප්රකාශ කළේ.
ජීවිතයේ සෑම සුබ කටයුත්තකදීම ගසක් රෝපණය කරමින්, පරිසරය සුරැකීමට දායකවන ලෙස ද එම සටහනෙහි දක්වා තිබෙනවා.
සිය ජනාධිපතිධූර කාලය තුළදී ද ජනතාවගෙන් මෙම ඉල්ලීම සිදු කළ බවයි මෛත්රීපාල සිරිසේන එහිදී පෙන්වා දුන්නේ.
තම උපන්දිනය නිමිත්තෙන් මිහිතලයට පැලයක් එක් කරන බව ද හිටපු ජනාධිපතිවරයා එම සටහනේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.
එම සටහන සමඟ පැලයක් රෝපණය කරන ඡායාරූප කිහිපයක් ද මෙලෙස එකතු කර තිබුණා...

