ලෝ ප්‍රකට නෙමාර්ට කොරෝනා ආසාදනය වෙයි
Thursday, 03 September 2020 - 14:32 | Views - 485
ලෝක ප්‍රකට බ්‍රසීල පාපන්දු ක්‍රීඩක නෙමාර් හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
මේ අතර අඛණ්ඩව පස්වන දිනටත් ලොව වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වුණා.
ඊයේ ඉන්දියාවෙන් අලුතින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 82,860ක්.
මේ අතර ලොව වැඩිබලපෑමක් පවතින අමෙරිකා එක්සත් ජනපදය තුළ ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 41,211ක්.
ඒ අනුව එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,290,737ක් දක්වා ඉහළ ගියා.
ද රොක් ලෙස ප්‍රකට හොලිවුඩයේ ත්‍රාසජනක සුපිරි නළුවෙකු වන ඩිවේයින් ජොන්සන් කොවිඩ් 19 වෛරසයට ගොදුරු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ බිරිද සහ දරුවන් දෙදෙනාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.
Share This Article