බදාදා මහජන ගැටළු සඳහා පමණක් වෙන් කරන්න
Thursday, 03 September 2020 - 14:24 | Views - 975
මහජන දිනය ලෙස බදාදා දිනය හදුනාගෙන ඇති බැවින් වෙනත් කටයුතු කිසිවක් යොදා නොගෙන ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබාදීමට ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් ක්‍රියාකළ යුතු බව ජනාධිපතිවරයා දැනුම් දි තිබෙනවා.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව සදහන් කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ජාතික වෙළද ප්‍රතිපත්තියක් ඇති කිරීම සදහා විද්වත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවද ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා තමන් ඉදිරිපත් කල ප්‍රතිපත්තියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
Share This Article