ගිනිගන්නා නැවේ සිටි තුවාල ලැබූ නැවියෙකු ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් බේරාගනී
Thursday, 03 September 2020 - 13:39 | Views - 546
නැගෙනහිර මුහුදේ ගිනිගන්නා ඉන්ධන ප්‍රවාහන නෞකාවේ සිටි අනතුරට ලක්වූ නැවියෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන තිබෙනවා.
සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් දුරින් මුහුදේදී බොරතෙල් මෙට්ට්‍රික් ටොන් 270,000ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක මෙලෙස ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න ඇතිවන අවස්ථාවේ නෞකාවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ 23 දෙනෙකු නිරුපද්‍රිතව වෙනත් නෞකාවකට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වුණා.
මෙම නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදාවට අයත් B20 නිරීක්ෂණ යානාවක්ද පිටත්ව ගොස් තිබෙනවා.
අදාල නෞකාවෙන් ප්‍රවාහනය කරන ඉන්ධන මුහුදට මුසුවීමේ අවධානමක් මතුවුවහොත් අවශ්‍ය පියවර ගැනීමට සූදානම් බව සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය සඳහන් කළා.
Share This Article