ලංකාගම ජනතාවට විකල්ප ඉඩම් ලබා දීමට නොහැකිද ? දේවානි ජයතිලකගේ අලුත්ම යෝජනාව
Thursday, 03 September 2020 - 12:52 | Views - 898
මොරගහකන්ද වැනි ධැවන්ත ව්‍යාපෘති කරනවිට ජනතාව වෙනත් තැන්වල පදංචි කිරීමට හැකිනම් ලෝක උරුමයක් වෙන සිංහරාජය රැක ගැනීම උදෙසා ලංකාගම ජනතාවට විකල්ප ඉඩම් ලබා දීමට නොහැකිදැයි ගම්පහ වන සංරක්ෂණ නිළධාරිනි දේවානි ජයතිලක මහත්මිය පවසනවා.
දේවානි ජයතිලක මහත්මියව රටම දැනගත්තේ ඇය මිට පෙර මීගමුව සින්නඩිතෝට්ටම් දූපත පිළිබඳව ඇතිවූ ගැටළුවේදී නොබියව හඬ නැගු රාජ්‍ය නිළධාරිනියක ලෙසයි.
සිංහරාජ රක්ෂිතයට මායින්ව පිහිටි ලංකාගම දක්වා ඉදිකෙරෙමින් තිබෙන මාර්ගය සම්බන්ධයෙන් ඇය විසින් සිය මුහුණු පොතට එක්කර තිබූ අපූරු සටහනක් නිසා මෙදිනවලත් ඇය පිළිබඳව බොහෝදෙනා කථාකරනවා.
අප ඇයව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගත්තේ ඒ පිළිබඳව විමසිමටයි
තමන්ගේ නමින් කෑගල්ලේ තිබෙන අක්කරයක් පමණවන ඉඩමක් ලංකාගම ජනතාවගෙන් කොටසකට හෝ ලබාදී එම ප්‍රමාණයට ඉඩමක් තමන්ට ලංකාගමින් ලබාදෙන ලෙස ඇය ලංකාගම ජනතාවගෙන් මුහුණු පොත හරහා ඉල්ලා තිබෙනවා.
ඉන්පසු ඇය එම ඉඩම සිංහරාජයට ලබා දෙන බවයි ඇය පවසන්නේ.
ඇය හිරුට පැවසු සම්පුර්ණ කතාවයි මේ.
Share This Article