වැරදිකරුවකු නීතියෙන් බැහැරවීමට වඩා, නිවැරදිකරුවෙකු නිරපරාදේ දඬුවම් විඳින්නේ නම්, එය විශාල පාපයක්
Thursday, 03 September 2020 - 12:48 | Views - 261
වැරදිකරුවකු නීතියෙන් බැහැරවීමට වඩා, නිවැරදිකරුවෙකු නිරපරාදේ දඬුවම් විඳින්නේ නම්, එය විශාල පාපයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව ගැන මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ තීන්දුවට අදාළ වන්නා වූ නඩුකාරවරුන්, විවිධ දේශපාලනඥයන් සමග සාකච්ඡා කළ බව ඔප්පු වී ඇතැයිද ඔහු කියා සිටියා.

එම නිසා ඒ සාකච්ඡාවන් ඒ නඩු තීන්දුවට බලපෑවාද යන්න, නැවත විමර්ශනයක් කිරීම සුදුසු බව, නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය නොහැකි බවට නීතිපතිගේ ස්ථාවරය, පිළි නොගන්නා බව නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේ, මාධ්‍යවේදියෙකු නැගූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ඔහු තවදුරටත් කරුණු පැහැදිලි කළා.

මාධ්‍යවේදියා විමසුවේ, දුමින්ද සිල්වා මහතාගේ තීන්දුවද, එවැනි තීන්දුවක් වන නිසා, ඒ සිද්ධිය ගැන ඉදිරියේදී කුමනාකාරයේ පියවරක් අනුගමනය කරන්නේද යන්නයි.

රන්ජන් රාමනායක සමග, ඒ තීන්දුව දුන් නඩුකාරවරුන් සාකච්ඡා කළ අන්දම දෙස බලන විට, ඒ සාකච්ඡාවන් එම නඩු තීන්දුවට බලපෑවේද යන්න කොමිෂන් සභාවක් හරහා හෝ නැවත විමර්ශනය කර, එය නිවැරදි කිරීමේ හැකියාවක් තිබිය හැකි බවද, දොලවත්තමහතා ප්‍රකාශ කළා.

වැරදිකරුවකු නීතියෙන් බැහැරවීමට වඩා, නිවැරදිකරුවෙකු නිරපරාදේ දඬුවම් විඳින්නේ නම්, එය විශාල පාපයක් බවද නීතිඥවරයා කියා සිටියා.

පාර්ලිමේන්තුවේ නියෝගවලට අභියෝග කිරීමට නීතිපතිවරයාට නොහැකි බවද  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top