වැරදිකරුවකු නීතියෙන් බැහැරවීමට වඩා, නිවැරදිකරුවෙකු නිරපරාදේ දඬුවම් විඳින්නේ නම්, එය විශාල පාපයක්
Thursday, 03 September 2020 - 12:48 | Views - 262

වැරදිකරුවකු නීතියෙන් බැහැරවීමට වඩා, නිවැරදිකරුවෙකු නිරපරාදේ දඬුවම් විඳින්නේ නම්, එය විශාල පාපයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත ප්‍රකාශ කළා.
ඔහු මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව ගැන මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ තීන්දුවට අදාළ වන්නා වූ නඩුකාරවරුන්, විවිධ දේශපාලනඥයන් සමග සාකච්ඡා කළ බව ඔප්පු වී ඇතැයිද ඔහු කියා සිටියා.
එම නිසා ඒ සාකච්ඡාවන් ඒ නඩු තීන්දුවට බලපෑවාද යන්න, නැවත විමර්ශනයක් කිරීම සුදුසු බව, නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය නොහැකි බවට නීතිපතිගේ ස්ථාවරය, පිළි නොගන්නා බව නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේ, මාධ්‍යවේදියෙකු නැගූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ඔහු තවදුරටත් කරුණු පැහැදිලි කළා.
මාධ්‍යවේදියා විමසුවේ, දුමින්ද සිල්වා මහතාගේ තීන්දුවද, එවැනි තීන්දුවක් වන නිසා, ඒ සිද්ධිය ගැන ඉදිරියේදී කුමනාකාරයේ පියවරක් අනුගමනය කරන්නේද යන්නයි.
රන්ජන් රාමනායක සමග, ඒ තීන්දුව දුන් නඩුකාරවරුන් සාකච්ඡා කළ අන්දම දෙස බලන විට, ඒ සාකච්ඡාවන් එම නඩු තීන්දුවට බලපෑවේද යන්න කොමිෂන් සභාවක් හරහා හෝ නැවත විමර්ශනය කර, එය නිවැරදි කිරීමේ හැකියාවක් තිබිය හැකි බවද, දොලවත්තමහතා ප්‍රකාශ කළා.
වැරදිකරුවකු නීතියෙන් බැහැරවීමට වඩා, නිවැරදිකරුවෙකු නිරපරාදේ දඬුවම් විඳින්නේ නම්, එය විශාල පාපයක් බවද නීතිඥවරයා කියා සිටියා.
පාර්ලිමේන්තුවේ නියෝගවලට අභියෝග කිරීමට නීතිපතිවරයාට නොහැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share This Article