කෝටි ගණන් වැයකර ආනයනය කරන යන්ත්‍රයක් ඉතා අඩු මුදලකට දේශීයව නිපදවූ තරුණයින් දෙදෙනෙක්
Sunday, 16 August 2020 - 14:19 | Views - 1,026
දේශීය ආර්ථිකය බලගැන්වීම මේ දිනවල සමාජයේ ප්‍රමුඛ මාතෘකාවක්.

ඒ සඳහා වඩා වැදගත් වන්නේ ආනයන අවම කර දේශීය කර්මාන්ත සවිමත් කිරීම.

කෝටි ගණන් මුදල් වැයකර ආනයනය කරන යන්ත්‍රයක් ඉතා අඩු මුදලකට අපේ රටේ නිෂ්පාදනය කළ තරුණයින් දෙදෙනෙක් අපට හමුවුණේ මෙවන් පසුබිමක් තුළයි.

පරිගණකයට ඇතුළත් කරන ඕනෑම නිර්මාණයක් ලීයක් මතට කැටයම් කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය සිදුකරන්නට අදහසක් පහළ වී තිබුණේ මාතර,  දෙයියන්දර ප්‍රදේශයේ එකම පවුලේ සොයුරන් දෙදෙනෙකුට.

අසංක සම්පත් සහ වසන්ත උදයකීර්ති නිර්මාණය කළ මේ යන්ත්‍රයෙන් ඔවුන් අද නොයෙකුත් නිර්මාණයන් සිදුකරනවා.

පාසැල් අධ්‍යාපනය නිමවා සිටින අතරතුර වඩු කර්මාන්තයට ප්‍රවේශ වන අසංක, ලෝකයේ දියුණු නිර්මාණ කෙරෙහි සිය අවධානය යොමු කරන්නේ තමන්ටද අලුත් අදහසක් ලබා ගැනීමේ අරමුණනින්.

ඒ අනුවයි ඔහුට පරිගණක යන්ත්‍රයකින් ලබා දෙන විධානයන්ට අනුව ලී කැටයම් සිදුකරනු ලබන යන්ත්‍රයක් පිළිබදව දැනගන්නට ලැබී ඇත්තේ.

දැනට ලෝකයේ භාවිතා වන මෙවැනි යන්ත්‍රයක වටිනාකම මෙරට මුදලින් රුපියල් ලක්ෂ 40 කට අධික වන නමුත් මොවුන්ට මේ යන්ත්‍රය නිෂ්පාදනය කිරීමට වැයවී ඇත්තේ රුපියල් ලක්ෂ දෙක හමාරක පමණ මුදලක් පමණයි.

ඒ මුදල සපයා ගැනීමද ඔවුනට දුෂ්කර කාර්යයක් බවට පත්ව තිබුණා.

නව නිපැයුම් වෙනුවෙන් අත හිත දීම සඳහාම නව අමාත්‍යංශයක් ස්ථාපිත කර ඇති පසුබිමක මෙවැනි නිර්මාණකරුවන්ට සහය ලබාදෙන්නේ නම් විදේශයන්ට ගලා යන විශාල මුදලක් මෙරට තුලම ඉතිරි කර ගත හැකි නොවෙන්නේද ?
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top