හිටපු මන්ත්‍රීවරු 30 දෙනෙකුගේ විශ්‍රාම වැටුප අහිමි වෙයි (වීඩියෝ)
Tuesday, 11 August 2020 - 21:20 | Views - 1,966
 
8 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ නවක මන්ත්‍රීවරුන් 30 කට සිය විශ්‍රාම වැටුප අහිමි වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයෙකු විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට නම් ඔහු හෝ ඇය වසර 5ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කර තිබිය යුතුයි.

එක් පාර්ලිමේන්තු වාරයකදී වසර 5ක් සම්පූර්ණ කිරීමට නොහැකි වුවද, ඊළඟට පත් වන පාර්ලිමේන්තු වාරයේදී හිඟ කාලය සම්පූර්ණ කිරිමට හැකි වුවහොත්
එහිදීද විශ්‍රාම වැටුපට හිමිකම් කියනු ලබනවා.

කෙසේවෙතත්, පසුගිය පාර්ලිමේන්තුවේ කාලය වසර 4 මාස 8ට පමණක් සීමා වූ අතර, එම පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් 30ක් නව
පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අපොහොසත් වී ඇති හෙයින් ඔවුන්ට විශ්‍රාම වැටුප අහිමි වී තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් වන අතර එම ගණන 22ක්.

එක්සත් ජාතික පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මයන්ත දිසානායක මහතා මෙවර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුලත්ව
සිටින නිසා ඔහුට විශ්‍රාම වැටුප හිමිවන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය හිමිවුවහොත් පමණයි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 4 කට සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුටද විශ්‍රාම වැටුප අහිමියි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේද විශ්‍රාම වැටුප අහිමීවි ඇත්තේ නව පාර්ලිමේන්තුවට තේරී පත්
නොවීම හේතුවෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනත් දීමනා වලට අමතරව රුපියල් 54285 ක වැටුපකට හිමිකම් කියනු ලබන අතර විශ්‍රාම වැටුප ලෙස ලැබෙන්නේ එම වැටුපෙන් තුනෙන් එකක ප්‍රමාණයක්.

යම් මන්ත්‍රීවරයෙකු අඛණ්ඩව වසර 15ක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත්නම් වැටුපෙන් තුනෙන් දෙකක විශ්‍රාම වැටුපකට ඔහු හෝ ඇය හිමිකම් කියනු ලබනවා.
Share This Article
Hiru Tv Blog
අප ආහාර ගන්නේ නීරෝගීව ජීවත්වීම සඳහාය. එම...
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 3,062 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 3,068 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
රංගන ශිල්පි රොෂාන් රණවනගේ පුතුගේ පළමු උපන්දිනය වෙනුවෙන් උපන්දින සාදයක් පවත්වා...
Hiru Tv Blog
දෙවන දරු ප්‍රසූතියට සූදානම් වන ප්‍රමුදි කරුණාරත්නගේ නවතම ඡායාරූප පෙලක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල්ගේ නවතම  ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top