මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙක් ග්‍රෑන්ඩ්පාස් හිදී අත්අඩංගුවට
Sunday, 26 July 2020 - 13:51 | Views - 769
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙකු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පොලිසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගමගේ තරංග කුමාර නැමති මොහු විවිධ අපරාධවලට චෝදනා ලැබූවෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍යද පොලීසිය සොයාගෙන තිබුණා.
Share This Article