ෆේස්බුක් ඔස්සේ සංවිධානය වී යතුරුපැදි තරගයක් පැවැත්වූ තරුණයන් 39ක් අත්අඩංගුවට (වීඩියෝ)
ෆේස් බුක් ඔස්සේ සංවිධානය කර පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ යතුරුපැදි තරගයක් පැවැත්වූ තරුණයන් 39 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ යතුරුපැදි 27ක් ද සමගින්.
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුව නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට පත්වී තිබෙනවා.
අධික ශබ්ද නගමින් මධ්‍යම රාත්‍රී 12ට පමණ ආරම්භ කර තිබූ මෙම යතුරුපැදි තරගයට සහභාගී වී තිබූ සියලු තරුණයන් නිරෝධායන නීති උල්ලංඝණය කරමින් මෙන්ම අපරීක්ෂාකාරීව සහ අනතුරුදායක ලෙසට ධාවනයේ යෙදෙන ආකාරය පොලිසිය රහසිගතව නිරීක්ෂණය කර තිබුනා.
අනතුරුවයි වැටලීම සිදුකර ඇත්තේ.
සැකකරුවන් පිළියන්දල, බණ්ඩාරගම, මහරගම, දෙහිවල, ගල්කිස්ස, හෝමාගම ඇතුලු ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණ වී තිබෙනවා.
ඔවුන් අද කැස්බෑව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අද උදෑසන සංවිධාන කර තිබූ මෙම යතුරුපැදි ධාවන තරගය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමටද කටයුතු කර තිබූ බව සඳහන්.