පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට
Saturday, 25 July 2020 - 15:43 | Views - 1,880
පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටළු නිරාකරණයට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
පසුගිය දින කිහිපය තුළ ජනාධිපතිවරයා සිදුකළ ජන හමුවලදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් වූ, පෙර පාසල් ගුරුවරුන් මුහුණ දී ඇති ගැටළු පිළිබද අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මාතර - වෙරළ උද්‍යානයේදී අද පැවති ජන හමුවකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පෙර පාසල් ගුරුවරුන්ට මාසික දීමනාවක් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති බවයි.
Share This Article