මීගමුව බන්ධනාගාරයේ සිටි පුද්ගලයෙකු මරුට
Saturday, 25 July 2020 - 10:08 | Views - 1,204
මීගමුව බන්ධනාගාරයේ සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
හෝමාගම ප්රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සොරකමක් සම්බන්ධයෙන්, සීදුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නඩු පවරා සිටි අයෙක්.
ඔහුට පසුගිය 23 වැනිදා දින ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඊයේ (24) දහවල් මෙලෙස මියගොස් ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.
Share This Article