අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි මීගමුව බන්ධනාගාර ජේලර්වරයෙකු CIDයට භාරවෙයි
Friday, 24 July 2020 - 21:11 | Views - 658
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ විසින් දැනට ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම වෙනුවට සංශෝධිත නව පෙත්සමක් ඉදිරිපත් කරන ලෙස අභියචානධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දී තිබෙනවා.

ඒ අදාළ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ එච්.ඒම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි.

එය ගොනුකිරීමෙන් අනතුරුව එය ලබන 27 වන සඳුදා සලකා බලන බවද අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එහිදී දැනුම් දී තිබෙනවා.

මේ අතර, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ විසින් ඉදිරිපත් කර තිබූ අදාළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක අභියාචනාධිකරණය හමුවේ අද මූලික විරෝධතා ගොනුකරමින් ඉල්ලීමක් කළා.

පෙත්සම්කරු විසින් ඉදිරිපත් කර ඇති සංශෝධිත පෙත්සම සමග ඔහු ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 22 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තු නියෝගය අමුණා නොමැති බැවින් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ නෛතික හැකියාවක් නොමැති බවයි ඔහු එහිදී පෙන්වා දුන්නේ.

දැනට ගොනුකර ඇති රීට් පෙත්සම තුළ පෙත්සම්කරු විසින් අසත්‍ය කරුණු රැසක් ඉදිරිපත් කර ඇති බවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක එහිදී වැඩිදුරටත් චෝදනා කළා.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස්, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය වෙත පෙන්වා දී ඇත්තේ දැනට ගොනුකර ඇති සංශෝධිත රීට් පෙත්සම වෙනුවට  නව පෙත්සමක් ඉදිරිපත් කිරීම සුදුසු බවයි.

මෙහිදී පෙත්සම්කාර හිටපු බන්ධනාගාර අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම ලබන සදුදා සලකා බලනතෙක් දැනට නිකුත් ඇති වරෙන්තුව ක්‍රියාත්මක වීම වැළැක්වීමේ කෙටි අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි.

එහෙත් එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා විරුද්ධ වූ අතර, ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල කිසිදු  නියෝගයක් නිකුත් කළේ නැහැ.

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරිවරයා සහ දැනට රාජකාරියේ නියුතු ජේලර්වරුන් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පෙරේදා දිනයේදීයි.

නීතිවිරෝධී අයුරින් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ගේ පරිහරණය සඳහා ලබා දී තිබියදී අත්අඩංගුවට ගත් ශීතකරණය හෝටල් හිමිකරුවෙකුගේ පරිත්‍යාගයක් බවට ඒත්තු ගැන්වීමට උත්සාහ කර ඇති බව ද එදින නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නා.

එය බන්ධනාගාර ගතව සිටින ප්‍රධාන පෙලේ අපරාධකරුවෙකු විසින් පිටස්තර පුද්ගලයෙකුට මුදල් ගෙවා ගෙන්වා ගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වූ බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.

අදාළ ශීතකරණය දියවැඩියා රෝගීන්ගේ ඖෂධ සුරක්ෂිතව තබා ගැනීමේ අරමුණින් හෝටල් හිමිකරුවෙකු පරිත්‍යාග කළ බව හැඟවෙන පරිදි කූඨ ලේඛන සකස් කර ඇත්තේ හිටපු බන්ධනාගාර අධිකාරි සම්පායෝගේ බලපෑම් මත බවට ඔහු යටතේ සේවය කළ නිලධාරින් කිහිපදෙනෙකු ප්‍රකාශ ලබා දී ඇතැයි ද නීතිපති දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය හමුවේ සඳහන් කර තිබුණා.

ඊසි කෑෂ් ක්‍රමයට ලබා දුන් මුදල් මගින් අදාළ රැඳවියා වෙනුවෙන් මැයි 8 වනදා ශීතකරණය මිලදී ගත් බවට ඒවා මිලට ගත් පුද්ගලයා විසින් ප්‍රකාශයක් ලබාදී ඇති බව ද එහිදී අනාවරණ වීම විශේෂත්වයක්.

එසේම, සිද්ධියට අදාළව බන්ධනාගාර මූලස්ථානයේ පැවැත්වූ විනය පරීක්ෂණය සඳහා බන්ධනාගාරයේ නිලධාරින්ට කොළඹට පැමිණීමට ප්‍රවාහන පහසුකම් සලසා ඇත්තේ සැකකාර නිලධාරියෙකු බව ද නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

විනය පරීක්ෂණයේදී එක් නිලධාරියෙකු සිය ජංගම දුරකථනය ක්‍රියාත්මක කර තිබීම හේතුවෙන් ඇති වූ බිය නිසා සත්‍ය තොරතුරු හෙළි නොකළ බව බන්ධනාගාර නිලධාරින් විසින් පිළිගෙන ඇතැයි එහිදී තවදුරටත් ප්‍රකාශ වුණා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top