මම IDH එකේ ඉඳලා ආවේ, සමාවෙන්න කියලා අත් දෙක එකතු කරලා වැන්ඳා
Friday, 24 July 2020 - 14:35 | Views - 3,512
කොවිඩ් 19 ආසාදිතව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම පැන ගිය පුද්ගලයා කොළඹ ජාතික රෝහලට භාර වීමෙන් අනතුරුව යුද හමුදා භාරයට ගෙන තිබෙනවා.
 
පොලිසිය සඳහන් කළේ, අදාළ පුද්ගලයා කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිට IDH රෝහලේ ප්‍රතිකාර සඳහා පැමිණි පුද්ගලයෙකු බවයි.

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සිටියදී කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් අංගොඩ - ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ මෙම පුද්ගලයා ඉන් පැනගොස් තිබෙන්නේ අද අලුයම් කාලයේදී.

ඔහු කන්දකාඩු මධ්‍යස්ථනයේ පුනරුත්තපනය වෙමින් සිටි මත් ද්‍රව්‍යවලට දැඩිලෙස ඇබ්බැහිවූවෙක් බව පොලිසිය සඳහන් කළා.
 
එමෙන්ම පොලිසිය නිවේදනය කළේ, රෝහලෙන් පැන ගිය පුද්ගලයා අපරාධ කිහිපයක් සඳහා පොලිසියට අවශ්‍ය අයෙකු බවයි.
 
අදාළ පුද්ගලයා රෝහලෙන් පැන යාමත් සමඟ පොලිසිය සහ යුද හමුදාව ඔහු සොයා මෙහෙයුමක් ද ආරම්භ කළා.
ඒ යුද හමුදා බුද්ධි අංශ ද යොදවමින්.
 
පළාගිය පුද්ගලයා සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටි අතර ඔහුගේ ඡායාරූපයක්ද මාධ්‍ය වෙත ලබාදුන්නා.
 
මොහු හඳුනා ගැනීමට සහය වී ඇත්තේ කොළඹ ජාතික රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙක්.
 
කෙසේ වෙතත් අදාළ පුද්ගලයා අද පෙරවරු 10 ට පමණ කොළඹ ජාතික රෝහලට පැමිණ තිබෙනවා.
 
අදාළ පුද්ගලයා සෞඛ්‍යාරක්ෂිත ලෙස යුද හමුදාව වෙත භාරදීමට කටයුතු කෙරුණේ මෙලෙසයි.
 
අනතුරුව යුද හමුදාව මගින් අදාළ පුද්ගලයා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත භාරදීමට කටයුතු කළා.
 
පොලිසිය සඳහන් කළේ අයි.ඩී.එච්. රෝහලෙන් පැන ගිය පුද්ගලයා ජාතික රෝහල වෙත පැමිණි ගමන් මාර්ගය සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙන බවයි.
 
මේ අතර කොවිඩ් 19 ඇතුළු බෝවන රෝග පාලන වැඩසටහන්වලින් ඉවත් ව සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වුණා.
 
නීතිමය බලතල ගැටලුවක් මුල් කරගනිමින් ඔවුන් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 9ක්.
 
සිය ඉල්ලීම්වලට මෙතෙක් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළා.
 
මේ අතර ඊයේ දිනයේ මෙරටින් වාර්තා වී ඇත්තේ එක් කොවිඩ් 19 ආසාදිතයෙකු පමණයි.
 
ඒ අනුව අද පෙරවරු 10 වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2753ක්.
 
රෝගීන් 2077 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යව 665ක් දක්වා පහළ ගොස්  තිබෙනවා.

%MCEPASTEBIN%
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top