කොරෝනා ආසාදිත ලොව ලාබාලතම මරණය වාර්තාවෙයි
Friday, 24 July 2020 - 14:26 | Views - 2,552
අමෙරිකාවේ වයස අවුරුදු 9ක දැරියක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
ඒ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ලොව මෙතෙක් වාර්තාවූ ලාබාලතම මරණය ලෙසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විසූ දැරියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එලෙස කොවිඩ් ආසාදිත දැරියක් මියයාමත් සමඟ, ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාසල් නැවත විවෘත කිරීමේ තීරණයට මේ වන විට දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා.
අමෙරිකාවේ වර්ජිනියාහි සංක්‍රමණිකයන් රඳවා සිටින මධ්‍යස්ථානයකට 75% කට කොවිඩ් ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
මේ අතර 2020 ජනාධිපතිවරණයේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ඊයේ එරට ආර්ථිකය සහ කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් සාකච්ඡාවකට එක්වුණා.
මේ අතර අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් කොවිඩ් එන්නතක් නිෂ්පාදනය වෙනුවෙන් ලතින් අමෙරිකාවට ලබාදීමට චීනය පියවර ගෙන තිබෙනවා.
මේ වන විට වාර්තාවන ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි පනස් හය ලක්ෂයකට අධික වන අතර වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 636479ක්.
Share This Article