ඔත්තුකරුවෙකුට දුන් තෑගි මුදලින් ලක්ෂ 75ක්, නාකොටික් නිලධාරියෙකුට
Friday, 24 July 2020 - 13:03 | Views - 639
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් ඔත්තුකරුවෙකුට ලැබුණු තෑගි මුදලෙන් රුපියල් ලක්ෂ 75ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක තාරක සුබෝධ නැමැත්තා ලබාගෙන ඇති බවට සාක්ෂි ඉදිරිපත්වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

විමර්ශන වාර්තාවක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා ඇත්තේ අදාළ ඔත්තුකරු කලක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇති බවයි.

ඔහු 2016 වසරේ සිට 2019 දක්වා කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මෙන්ම කටුනායක ගුවන් තොටුපළ හරහා නීතිවිරෝධී ලෙස රත්‍රං කිලෝ 20ක් ගෙන්වීම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට තොරතුරු ලබාදී තිබෙනවා.

එලෙස සාර්ථක තොරතුරු ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව මෙම ඔත්තුකරුට රුපියල් දෙකෝටි 75 ලක්ෂයක් පිරිනමා ඇති බව සඳහන්.

ඉන් රුපියල් 75 ලක්ෂයක මුදලක් පොලිස් පරීක්ෂක තාරක සුබෝධ නැමැත්තා ණයක් ලෙස ලබා ගත් බවට අදාළ ඔත්තුකරු ප්‍රකාශයක් ලබාදී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සබදතා පැවැත්වීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගෙන මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රදවා තබාගෙන ප්‍රශ්න කරන උප පොලිස් පරීක්ෂක උදාර චතුරංග නැමැත්තා සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මෙම උප පොලිස් පරීක්ෂකවරයා සිය පෞද්ගලික වාහනවලින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ලබා ගන්නා මත්ද්‍රව්‍ය දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව සඳහන්.

එලෙස ප්‍රවාහනය කළ මත්ද්‍රව්‍ය පරෙවි සුදා හා ලොකූ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදී ඇති බවයි විමර්ශන නිලධාරීන් මෙහිදී අධිකරණයට පෙන්වා දී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top