රටම කළඹමින් IDH රෝහලෙන් පැන්න සැකකරු ඇල්ලූ ජාතික රෝහල් සේවකයන් දෙදෙනා
Friday, 24 July 2020 - 12:22 | Views - 4,158
ක්ෂණික දැනුවත් කිරීම් හරහා IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සහය වූ ජාතික රෝහල් සේවකයන් දෙදෙනා වෙත පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් ලබාදීමට කටයුතු සිදුකරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා.
මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පළා ගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශයේදී යුද හමුදා බුද්ධි අංශ භාරයට ගෙන තිබෙනවා.
හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා අයි.ඩී.එච්. රෝහල වෙත යළි රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.
මෙම මත්ලෝලී කොරෝනා ආසාදිතයා අද අලුයම අයි.ඩී.එච්. රෝහලෙන් පළා යාමත් සමඟ ඔහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටියා.
මෙලෙස අයි.ඩී.එච්. රෝහලෙන් පළා ගියේ ත්‍රිකුණාමලය - වල්ලිමලර් ප්‍රදේශයේ පදිංචි එල්සියාම් නසීම් නැමති 41 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබුණා.
Share This Article