අංගොඩ ලොක්කාගේ පවුලේ සාමාජිකයින්ගෙන් ප්‍රකාශ සටහන් කරගනී
Friday, 24 July 2020 - 12:08 | Views - 328
මියගිය බවට වාර්තා වුණු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ පවුලේ සාමාජිකයන්ගෙන් තවදුරටත් ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

ඔහු ලබාදුන් ඇමතුම් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශ ලබාගැනීමට අදහස් කරන බවයි උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී විෂක් ශරීරගත කර ඝාතනය කර ඇති බවට ඊයේ ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත්, පසුව පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කළ තොරතුරක් ලැබී නොමැති බවයි.

මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු අපරාධ රැසකට ‘‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා’’ ට චෝදනා එල්ල වන්නේ කලක සිටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top