හොලිවුඩ් පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් යළිත් පියපදවියට
Friday, 24 July 2020 - 10:18 | Views - 434
හොලිවුඩ් පොප් ගායක ජස්ටින් ටිම්බර්ලේක් මීට දින කිහිපයකට පෙර නැවතත් පිය පදවිය ලැබු බව වාර්තා වේ.
සිනමා මාධ්‍යයන් පවසන්නේ ජස්ටින් හා ඇගේ බිරිඳ සිනමා නිළි ජෙසිකා බෙල් දෙදෙනා මෙම දරු උපත ඉතා රහසිගතව මාධ්‍යයෙන් සඟවා තබා ගෙන තිබුණ බවය.
අලුත උපන් දරුවා පිරිමි දරුවෙකු වන අතර, මීට වසර 5කට පෙරද ඔවුන් දෙදෙනාට දාව තවත් පිරිමි දරුවෙකු ඉපදි ඇත.
ජස්ටින් හා ජෙසිකා මේ වනවිට ඇමෙරිකාවේ මොන්ටානා හි ජෙසිකාගේ මාපියන් සමග රැඳි සිටින බව සඳහන් වේ.
Share This Article