IDH රෝහලෙන් පැන්න කොරෝනා ආසාදිතයා අල්ලන්න හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවයි
Friday, 24 July 2020 - 9:43 | Views - 1,833
IDH රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සෙවීම සඳහා බුද්ධි අංශ ඇතුලත් යුද හමුදා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතිබව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.
අද අලුයම මෙම රෝගියා රෝහලෙන් පලා යාමත් සමඟ ඔහු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටියා.
මොහුගේ වම් කකුලේ ආබාධයක් හේතුවෙන් ඇවිදින විට කොර ගසන බව සඳහන්.
ත්‍රිකුණාමලය - වල්ලිමලර් ප්‍රදේශයේ පදිංචි එල්සියාම් නසීම් නැමති 41 හැවිරිදි මෙම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙනුයි මෙලෙස අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇත්තේ.
මොහු ගැන යම් තොරතුරක් වේ නම්, දුරකථන අංක 119, 0718 591 017, 0718 592 290 හෝ 0718 591 864 යන අංකවලට දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ඉල්ලා සිටින්නේ.
Share This Article