අදත් වැසි සහිත කාලගුණයක්
Friday, 24 July 2020 - 9:21 | Views - 267
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත් මෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම, උතුරුමැද, වයඹ සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40ත්, 50ත් අතර තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Share This Article