තවත් පාතාල සාමාජීකයින්ගේ බිරින්ඳැවරුනුත් සමීපව ඇසුරු කරලා, අංගොඩ ලොක්කාගේ පියා හෙළි කරපු, සම්පූර්ණ කතාව මෙන්න
Friday, 24 July 2020 - 8:56 | Views - 1,469

දරුණු ගනයේ අපරාධ කල්ලි නායකයකු වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නැමැත්තා කිසියම් විසක් ශරීර ගත කර ඉන්දියාවේදී ඝාතනය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු කළ තොරතුරක් ලැබී නොමැති බවයි.
මනුෂ්‍ය ඝාතන, කොල්ලකෑම්, මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු අපරාධ රැසකට ‘‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා“ නැමැති සංවිධානාත්මක පාතාල කල්ලි නායකයාට චෝදනා එල්ල වන්නේ කලක සිටයි.
අංගොඩ ලොක්කාගේ නම කරළියට පැමිණෙන්නේ 2017 වසරේ පෙබරවාරි මස 27 වැනිදා පාතාල කල්ලි නායක සමයං සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 08 දෙනෙකු බන්ධනාගාර බස් රථයක් තුළදීම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියත් සමඟයි.
කළුතර එතනමඩල ප්‍රදේශයේදී සිදුකළ එම ප්‍රහාරය මෙහෙයවනු ලැබු පුද්ගලයා ලෙස සැලකෙන්නේ අංගොඩ ලොක්කායි.
එම සිද්ධිය පාතාල කල්ලි දෙකක කලක් තිස්සේ පැවති ගැටුමක ප්‍රතිඵලයක් වුණා.
අංගොඩ ලොක්කාගේ සමීපතම ගෝලයා වු මුල්ලේරියාවේ පදිංචිව සිටි සුරංග කුමාර හෙවත් අංගොඩ රත්තරං නැමැත්තා 2017 වසරේ ජනවාරි මාසයේදී සමයං විසින් ඝාතනය කිරීමේ පළිය අංගොඩ ලොක්කා විසින් ගෙන තිබුණේ සමයංගේ ද ජීවිතය කෙළවර කරමින්.
ඉන් පසුව සමයංගේ ඝාතනයට අංගොඩ ලොක්කා විසින් උපකාර කළ අතුරුගිරියේ ලඩියා නම් පාතාල කල්ලි සාමාජිකයා ද සමඟ බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට පළා ගිය අංගොඩ ලොක්කා චෙන්නායි ප්‍රදේශයේ සැඟව සිටි බවටයි තොරතුරු වාර්තා වුණේ.
කෙසේ වෙතත්, පසුව වාර්තා වුණේ ආගමන විගමන නීති උල්ලංඝනය කළ වරදට එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් කඳවුරක රඳවා සිටියදී අංගොඩ ලොක්කා හා ලඩියා ඉන් පළා ගොස් ඇති බවයි.
ඉන්දියාවේ සිට ද අංගොඩ ලොක්කා මෙරට අපරාධ රැසක් මෙහෙයා ඇති බවට චෝදනා එල්ල වු පසුබිමකයි අංගොඩ ලොක්කා ඉන්දියාවේදී කිසියම් විෂක් ශරීර ගත කර ඝාතනය කර ඇති බවට වාර්තා පළ වන්නේ.
එම වාර්තා සඳහන් කරන්නේ මියගිය පාතාල සාමාජිකයෙකුගේ බිරිඳක් විසින් අංගොඩ ලොක්කාට වසදී ඇති බවයි.
එම මියගිය පාතාල සාමාජිකයාගේ බිරිඳ අංගොඩ ලොක්කාගේ උපදෙස් අනුව ඉන්දියාවට ගොස් සිටි අංගොඩ ලොක්කාගේ පෙම්වතියක් බවයි පැවසෙන්නේ.
ආරංචි මාර්ග පවසන අන්දමට මෙම කාන්තාවට අමතරව බන්ධනාගාර ගතව සිටින තවත් පාතාල සාමාජිකයන්ගේ බිරින්දෑවරුන් ද අංගොඩ ලොක්කා විසින් බිය වද්දා වරින් වර ඉන්දියාවට ගෙන්වා ගෙන තිබෙනවා.
එලෙස ගෙන්වා ගන්නා කාන්තාවන් සමඟ ද අංගොඩ ලොක්කා සමීප ඇසුරක් පවත්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වු මත ගැටුම් හේතුවෙන් මෙම ඝාතනය සිදුවු බවට ද විවිධ මත පළ වනවා.
මේ අපරාධ කල්ලි නායක අංගොඩ ලොක්කාට අයත් බව පැවසෙන අංගොඩ ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින තෙමහල් නිවසක්.
මේ එම ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පියා සිය පුත්‍රයා ඉන්දියාවේදී ඝාතනනය කර ඇති බවට පැතිර යන තොරතුරු පිළිබඳව දැක්වූ අදහසයි.
අප මේ පිළිබඳව ශ්‍රි ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ද විමසීමක් කළා.
එහි නිලධාරියෙකු ප්‍රකාශ කළේ අංගොඩ ලොක්කාගේ ඝාතනය සම්බන්ධයෙන් තහවුරු කළ හැකි තොරතුරු තවමත් ලැබී නොමැති බවයි.
මේ අතර අංගොඩ ලොක්කා ඝාතනය වු බවට පළවන වාර්තා පිළිබඳව ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා.
Share This Article