ඇමසන් හිමිකරු ජෙෆ් බෙසෝස් එක් දිනකින් ඩොලර් බිලියන 13 ක් උපයයි
Friday, 24 July 2020 - 8:33 | Views - 424
නම කී සැනින් සිහියට නොනැෙ`ගන්නේ නම්, ඇමසෝන් සමාගම් හිමිකරු කියූ විට කා හටත් ඔහු මතක් වනු නිසකය. මේ පුවත බෙසෝස් එක් දිනකින් සිය ධනස්කන්ධයට බිලියන 13 ක මුදලක් එක්රැුස් කිරීම පිළිබඳවයි. බේසෝස් මහතා සිය පෞද්ගලික ධනය පෙර නොවූ විරූ ඩොලර් බිලියන 189 දක්වා ගෙනයෑම සඳහා එක් දිනක් තුළ අතිරේක ඩොලර් බිලියන 13 කින් ඉහළ නංවාලමින් නව වාර්තාවක් තබා ඇති බවට විදෙස් මාධ්‍ය කියා සිටී.
බෙසෝස්ගේ මෙම ධනස්කන්ධය බි‍්‍රතාන්‍ය මහරැුජිණගේ ධනය (පවුම් මිලියන 350* මෙන් 30 ගුණයක් පමණ වන බව පැවසේ. මෙම ධනය බි‍්‍රතාන්‍යයේ විශාලතම ඖෂධ සමාගම වන ඇස්ට‍්‍රාසෙනෙකා උපයන ආදායමටත් (පවුම් බිලියන 121* වඩා ඉහළ බව වාර්තා වේ.
එවන් ධනයක් හිමි පුද්ගලයා එක් දිනකින් අතිරේක ඩොලර් බිලියන 13 (පවුම් බිලියන 10* ඉපයීම පිළිබඳ පුවත සමාජ මාධ්‍ය ජාලවල සීඝ‍්‍රයෙන් සංසරණය වන්නට පටන් ගත්තේය.
සංස්කරණය කීර්ති වර්ණකුලසූරිය
Share This Article