සැලැස්මක් ඔස්සේ ගම හා නගරය දියුණු කරන බව අගමැති කියයි
Friday, 24 July 2020 - 8:28 | Views - 294
සැලැස්මක් සහිතව ගම හා නගරය දියුණු කිරීමට කටයුතු කරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පවසනවා.
අග්රාමාත්යවරයා මේ බව කියා සිටියේ පසුගියදා තලවතුගොඩ ප්රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් ජයග්රහණය තහවුරු කිරීම වෙනුවෙන් ජන හමු කිහිපයක් පැවැත්වුණා.
පසුගියදා පස්වරුවේ කඩුවෙල පොළ භූමියේදී පැවති ජන හමුවට පැමිණි අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට පාක්ෂිකයින්ගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමක්.
Share This Article