වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද ලෙඩවෙයි
Friday, 24 July 2020 - 8:20 | Views - 260

කොවිඩ් 19 ඇතුළු බෝවන රෝග පාලන වැඩසටහන් වලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද දිනයේදී අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කර තිබෙනවා.
නීතිමය බලතල මුල්කරගනිමින් ඔවුන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 09 ක් ගත වනවා.
කෙසේ වෙතත්, තවමත් තම ඉල්ලීම්වලට බලධාරීන් නිසි විසඳුමක් ලබාදී නොමැති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාවද 2753 දක්වා ඉහළ ගියා.
සෞදි අරාබියේ සිට පැමිණ මෙරට නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකු මෙලෙස ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
මේ වන විට කොරෝනා ආසාදිතයන් 2077ක් සුවය ලබා ඇති අතර, රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 665ක්.
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ වෛද්‍ය වෘත්තිකයින් දක්වන සහයෝගය අගය කරන බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.
නාරාහේන්පිට යුද හමුදා රෝහලේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනුයි ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ.
එමෙන්ම, ඉටුකම කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1511 ඉක්මවා තිබෙනවා.
සබරගමුව පළාත් සභාවේ රාජ්‍ය සේවකයින් විසින් රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂ 4,709 ක මුදලක් අදාළ අරමුදලට පරිත්‍යාග කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
මීට අමතරව රුසියාවේ වෛද්‍ය විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයින්ගේ දෙමව්පියන් පිරිසක්ද මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කර තිබෙනවා.
Share This Article