ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර IDH රෝහලෙන් පැනගිය දැඩිලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ සැකකරුවෙකු සොයාගැනීම සඳහා පොලිසිය මහජනතාවගේ සහය ඉල්ලා සිටිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
සැකකරුගේ වම් පාදයේ ආබාධයක් ඇති අතර ඔහු ඇවිදින විට කොර ගසන තත්ත්වයක් ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවකුවන ඔහු පිළිබඳව තොරතුරක් වෙතොත් 0718591017,0718592290,0718591864 හෝ 119 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
එල්සියාම් නසීම් නම් 41 හැවිරිදි මෙම සැකකරු ත්‍රිකුණාමලයේ සින්නම්පිල්ලෙසිමෙයි, වල්ලිමලර් හි ස්ථිර පදිංචිකරුවෙක්.
සැකකරුගේ ඡායාරූපය පහතින්.