වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගොස් අතුරුදන්වූ පුද්ගලයාගේ දේහය සොයා ගැනේ
Thursday, 23 July 2020 - 16:56 | Views - 443
වික්ටෝරියා ජලාශයේ අඹකොටේ ප්රදේශයෙන් දියනෑමට ගොස් අතුරුදන්වූ පුද්ගලයාගේ සිරුර නාවික හමුදාව විසින් සොයා ගෙන තිබෙනවා.
අඹකොටේ ප්රදේශයේ පදිංචි 20 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ දිනයේදී දියනෑමට ගිය අවස්ථාවේදී දියේ ගිලී අතුරුදන්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
පසුව නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ඔහුගේ සිරුර සොයා ගැණුනා.
Share This Article