ළාබාල රූමතියන් යොදාගෙන, SPA බෝඩ් එකට මුවාවී පවත්වාගෙන ගිය, කොච්චිකඩේ සුපිරි ගණිකා නිවාස දෙකක් වටලයි
Thursday, 23 July 2020 - 15:34 | Views - 14,833
ළාබාල රූමතියන් යොදවා සම්බාහන ආයතන මුවාවෙන් කොච්චිකඩේ පළඟතුරේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාස දෙකක් වටලා ගණිකා වෘත්තියේ යෙදීම සඳහා එහි රැඳී සිටි ළාබාල තරුණියන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත කොච්චිකඩේ පොලිසිය සමත් වුනා.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අවසරයකින් තොරව පවත්වාගෙන ගිය මේ සුපිරි ගණිකා නිවාස මසාජ් ආයතන ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය බලපත්‍ර තිබී ද නැහැ.
මෙම ආයතනවල සිට අත්අඩංගුවට ගත් වයස අවුරුදු 18 සිට 25 දක්වා වයස්වල පසුවන එම රූමතියන් කෑගල්ල, නුවර, ලග්ගල, මොරටුව සහ වේරහැර යන ප්‍රදේශවල පදිංචිකාරියන්.
මෙම මසාජ් ආයතන දෙක, මීට පෙර අවස්ථා දෙකකදී ද එහි සිටි යුවතියන් සමඟ කොච්චිකඩේ පොලිසිය විසින් අතඅඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ හම යුවතියන් විසින් මසාජ් රස්සාව අත හැර ඉදිරියේදී වෙනත් වෘත්තියන්හි නියැලෙන බව දඬුවම් ලබමින් අධිකරණය හමුවේ පොරොන්දු වී තිබෙනවා.
මෙම යුවතියන් හා එහි කළමනාකාරිනියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.
මීගමුව - විමල් කීර්ති
දිවයින පුවත්පත
Share This Article