සංශෝධිත උප්පැන්න සහතිකය තවමත් ජනගත කර නැහැ
Thursday, 23 July 2020 - 15:12 | Views - 372
ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැළපෙන ආකාරයෙන් ආරක්ෂිත ක්‍රමෝපායන් ඔස්සේ ප්‍රමිතින්ට අනුකූලව සකස් කළ උප්පැන්න සහතිකය තවමත් ජනගත කර නොමැති බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උප්පැන්න සහතිකය වෙනුවට ජාතික උප්පැන්න සහතිකය ලෙස එය ඉදිිරියේදී හඳුන්වන බවයි. ඩිජිටල් ක්‍රමයට සැකසෙන ආරක්ෂිත කඩදාසියක ද්වි භාෂාවෙන් එය සකස් කෙරෙනු ඇති.
එමෙන්ම ආගම පිළිබඳ විස්තර, ඊට ඇතුළත් නොවන අතර, ඒ සඳහා දෙමාපියන්ගේ ජාතිකත්වය ඇතුළත් කර තිබෙනවා.
ඒ අනුව මෙලෙස නෛතික ක්‍රමෝපායන් සම්පූර්ණවීමෙන් පසු ජාතික උප්පැන්න සහතිකය ඉදිරියේදී ජනගත කිරීමට බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
Share This Article