තරුණියන්ගේ සිත් වසඟයට ගත් දමිළ සිනමාවේ කඩවසම් නළුවා වන සූර්යා සිය උපන්දිනය වෙනුවෙන් රසිකයින්ට දුන් අපූරු සාදය
Thursday, 23 July 2020 - 14:33 | Views - 580
"සූර්යා" කී සැණින් ඔහුව නොහඳුනන කෙනෙකු නොමැති තරම්. දමිළ සිනමාවේ "සුපිරි තරු" අතරේ ඉහළින්ම ඉන්න සූර්යා, "සිංගම්", "ආරූ", "වේලූ", "අයන්" වැනි සුපිරි චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයින් වසඟ කළ අයෙක්.
 
ඉතිං මෙම රංගන ශිල්පියා අද දිනයේදී සිය 45 වන උපන්දිනය සමරනවා.

කොරෝනා භීතිය හේතුවෙන් ඉන්දියාවේ සිනමා කර්මාන්තය මේ වනවිට අක්‍රියව පැවැතිය ද ඔහුගෙ ඊළඟ චිත්‍රපටිය සම්බන්ධයෙන් වන තොරතුරක් ලැබෙනතුරු සූර්යාගෙන් රසිකයින් සිටින්නේ, නොවඉසිල්ලෙන්.
 
ඉතිං අද දිනයේදී ඔහුගේ නවතම චිත්‍රපටියේ පෝස්ටරයක් නිකුත් කරනු ලැබුවා.
 
ඒ, ඔහුට ලබා දෙන උපන්දින තෑග්ගක් ලෙසයි.
 
"වාඩිවාසල්" ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, වෙට්ට්‍රිමාරන් විසින්.
 
එහි නිෂ්පාදකවරයා වන කලෛපුලි එස් දානු විසින් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
 
වාඩිවාසල් චිත්‍රපටිය බොහෝදුරට ගොංපොර හා සම්බන්ධ වස්තු විෂයක් භාවිත කරනු ඇති බව ද සඳහන්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top