තරුණියන්ගේ සිත් වසඟයට ගත් දමිළ සිනමාවේ කඩවසම් නළුවා වන සූර්යා සිය උපන්දිනය වෙනුවෙන් රසිකයින්ට දුන් අපූරු සාදය
"සූර්යා" කී සැණින් ඔහුව නොහඳුනන කෙනෙකු නොමැති තරම්. දමිළ සිනමාවේ "සුපිරි තරු" අතරේ ඉහළින්ම ඉන්න සූර්යා, "සිංගම්", "ආරූ", "වේලූ", "අයන්" වැනි සුපිරි චිත්‍රපට වලින් ප්‍රේක්ෂකයින් වසඟ කළ අයෙක්.
ඉතිං මෙම රංගන ශිල්පියා අද දිනයේදී සිය 45 වන උපන්දිනය සමරනවා.
කොරෝනා භීතිය හේතුවෙන් ඉන්දියාවේ සිනමා කර්මාන්තය මේ වනවිට අක්‍රියව පැවැතිය ද ඔහුගෙ ඊළඟ චිත්‍රපටිය සම්බන්ධයෙන් වන තොරතුරක් ලැබෙනතුරු සූර්යාගෙන් රසිකයින් සිටින්නේ, නොවඉසිල්ලෙන්.
ඉතිං අද දිනයේදී ඔහුගේ නවතම චිත්‍රපටියේ පෝස්ටරයක් නිකුත් කරනු ලැබුවා.
ඒ, ඔහුට ලබා දෙන උපන්දින තෑග්ගක් ලෙසයි.
"වාඩිවාසල්" ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ, වෙට්ට්‍රිමාරන් විසින්.
එහි නිෂ්පාදකවරයා වන කලෛපුලි එස් දානු විසින් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණේ.
වාඩිවාසල් චිත්‍රපටිය බොහෝදුරට ගොංපොර හා සම්බන්ධ වස්තු විෂයක් භාවිත කරනු ඇති බව ද සඳහන්.
