රියදුරු බලපත්‍රවලට ලකුණු දීමේ ක්‍රමය නැවතත්
Thursday, 23 July 2020 - 14:12 | Views - 328
නොසැළකිලිමත්ව සිදුවන මාර්ග අනතුරු වළක්වාගැනීම සඳහා රියදුරු බලපත්‍රවලට ලකුණු දීමේ ක්‍රමය නැවත ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ දිනකට සිදුවන මාර්ග අනතුරු සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් නොසැළකිලිමත්ව රිය ධාවනය කරන්නන්ගේ රියදුරු බලපත්‍රවලට බින්දුවේ සිට 24 දක්වා ලකුණු ලබාදීමේ ක්‍රමය යළි ආරම්භ කරන බවයි.
මෙම ක්‍රමය යටතේ රියදුරු බලපත්‍ර සඳහා ලකුණු 24 සිට පහළ අගයන්වලට ලකුණු ලැබෙන අතර, සිදුවන රිය අනතුරුවලදී එම ලකුණු ක්‍රමයෙන් අඩු වනවා.
ඒ අනුව මෙම ක්‍රමවේදය යටතේ එලෙස ලකුණු අඩුවන රියදුරු බලපත්‍ර අහෝසි වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
Share This Article