ඉතාලියේ කුඩාම ගම්මානය වන "මොටෙරෝන්" ගම්මානයේ වසර අටකට පසුව දරු උපතක් සිදුව තිබෙනවා.
එම දරුවා පසුගිය ඉරු දින උපත ලැබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ලොම්බාර්ඩි කලාපයේ පිහිටා ඇති කඳුකර ගම්මානයක් වන "මොටෙරෝන්" වැසියන් මෙම දරු උපත උත්සවශ්‍රීයෙන් සමරා ඇති බව ද සඳහන්.
අලුත් උපන් පිරිමි දරුවා නම් කර ඇත්තේ "ඩෙනිස්" ලෙසයි.
මෙම ගම්මානයේ මුළු ජනගහණය 28 ක් වන අතර අලුත උපන් දරුවා සමඟ එම සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
"මොටෙරෝන්" හි පිහිටි ඇලෙස්සන්ද්රෝ මන්සොනි රෝහලේ උපත ලැබු මෙම දරුවාගේ බර කිලෝග්‍රෑම් 2.6 ක්.
මාධ්‍ය වෙත අදහස් දක්වමින්, එම ගම්මානයේ නගරාධිපතිනි ඇන්ටෝනෙල්ලා ඉන්වර්නිසි කියා සිටියේ, මෙය ගමට සැමරීමට ලැබුණු අවස්ථාවක් බවයි.
විදෙස් මාධ්‍ය
