අත්‍යවශ්‍ය කටයුත්තකට හැර වෙනත් ගමන්වලින් වැළකී සිටින්නැයි පොලීසියෙන් ඉල්ලීමක්
Thursday, 23 July 2020 - 12:54 | Views - 7,173
තවදුරටත් අත්‍යවශ්‍ය කටයුත්තකට හැර වෙනත් ගමන්වලින් වැළකී සිටින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මෙම ඉල්ලීම කරනු ලැබුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම බස්නාහිර පළාත තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ 2,494 දෙනෙකු අවවාද කර මුදාහැර තිබෙනවා.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ මුඛ ආවරණ නොපැළඳී 1,471 දෙනෙකු ට සහ දුරස්ථභාවය තබා නොගත් 1,023 කට මෙලෙස අවවාද කර මුදාහැරි බවයි.
ඉරණමඩු ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ 126 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර පිටත්ව ගියා.
මේ වනවිට මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,752ක් ලෙස සටහන් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 2064ක්.
තවදුරටත් කොරෝනා ආසාදිතයන් 677 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් එක් කෝටි 53 ලක්ෂ 80,140ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 6 ලක්ෂ 30,343ක් ලෙසයි.
Share This Article