බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ බාල පුත්‍රයා වන ඇන්ඩෘ කුමරුන්ගේ දියණිය වන බියට්‍රිස් කුමරියගේ විවාහ මංගල්‍යය පසුගියදා සිදුවිය.
එදොආර්දෝ මාපෙලි මොසි ඇගේ අතගත් මනාලයා විය. වින්ඩ්සර් මන්දිරයේ පිහිටි සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේදී ඉතාමත් චාම් ලෙස පැවැත්වුණු විවාහ මංගල්‍යය සඳහා බියට්‍රිස් කුමරිය සාම්ප්‍රදායික රාජකීය ඇඳුම් ආයිත්තමින් සහ නවීන විලාසිතාවේ ඇඳුම් ආයිත්තම්වලින්ද සැරසී සිටියහ.
දෙවැනි එලිසබෙත් මහ රැජින සහ පිලිප් කුමරුන් ඇතුළුව රජ පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පමණක් පැවැත්වුණු මෙම විවාහ මංගල උත්සවය එරට සෞඛ්‍ය අංශ මගින් පනවා ඇති නව කොරෝනා සෞඛ්‍ය පුර්වාරක්ෂක නියමයන් සියල්ලම අනුගමනය කරමින් පැවැත්වීමත් විශේෂත්වයකි.
එහිදී නව විවාහපත් යුවළ සිය සීයා සහ ආච්චි සමග ගත් ඡායාරූපය පවා මීටර් දෙකක පරතරයක් සහිතව ලබාගෙන තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම විවාහ මංගල්‍යය බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ඉතිහාසය තුළ වසර 235කට පසුව ප්‍රසිද්ධ එළිමහනකදී නොපැවැත්වුණු පළමු වැනි විවාහ මංගල්‍යය ලෙසද සැලකෙයි.


