රැජිනගේ බාලපුතුගේ දියණියගේ විවාහ මංගල්‍යය -[Photos]
Thursday, 23 July 2020 - 12:26 | Views - 10,149
බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ බාල පුත්‍රයා වන ඇන්ඩෘ කුමරුන්ගේ දියණිය වන බියට්‍රිස් කුමරියගේ විවාහ මංගල්‍යය පසුගියදා සිදුවිය.

එදොආර්දෝ මාපෙලි මොසි ඇගේ අතගත් මනාලයා විය. වින්ඩ්සර් මන්දිරයේ පිහිටි සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේදී ඉතාමත් චාම් ලෙස පැවැත්වුණු විවාහ මංගල්‍යය සඳහා බියට්‍රිස් කුමරිය සාම්ප්‍රදායික රාජකීය ඇඳුම් ආයිත්තමින් සහ නවීන විලාසිතාවේ ඇඳුම් ආයිත්තම්වලින්ද සැරසී සිටියහ.

දෙවැනි එලිසබෙත් මහ රැජින සහ පිලිප් කුමරුන් ඇතුළුව රජ පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පමණක් පැවැත්වුණු මෙම විවාහ මංගල උත්සවය එරට සෞඛ්‍ය අංශ මගින් පනවා ඇති නව කොරෝනා සෞඛ්‍ය පුර්වාරක්ෂක නියමයන් සියල්ලම අනුගමනය කරමින් පැවැත්වීමත් විශේෂත්වයකි.

එහිදී නව විවාහපත් යුවළ සිය සීයා සහ ආච්චි සමග ගත් ඡායාරූපය පවා මීටර් දෙකක පරතරයක් සහිතව ලබාගෙන තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම විවාහ මංගල්‍යය බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ඉතිහාසය තුළ වසර 235කට පසුව ප්‍රසිද්ධ එළිමහනකදී නොපැවැත්වුණු පළමු වැනි විවාහ මංගල්‍යය ලෙසද සැලකෙයි.
Newlyweds Princess Beatrice and Edoardo Mapelli Mozzi's manage to ...
Prince Andrew gave speech at Princess Beatrice's wedding amid ...
Inside Princess Beatrice's low-key wedding: No singing the ...
Buckingham palace shares TWO new photos of Princess Beatrice and ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top