රුව ලස්සන කරන මල් සත්කාර
Thursday, 23 July 2020 - 11:13 | Views - 3,633

සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික මල් සත්කාර ඉතාම සුදුසුයි. ඒ නිසාම ගෙවත්ත තුළින් සොයාගත හැකි එවැනි මල් වර්ග කිහිපයක් මඟින් ලස්සන වෙන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්න අද අපි සිතුවා.
Skin Toner
අවශ්‍ය ද්‍රව්‍ය
1 පෙති වෙන්කරගත් දාස්පෙතියා මල් කිහිපයක්
2 ජලය ස්වල්පයක්
3 කෝමාරිකා මදය තේ හැඳි 2ක්
4 ලැවෙන්ඩර් තෙල්, ටී ටී්ර තෙල් හෝ ලෙමන් තෙල් යන වර්ග තුනෙන් එක් වර්ගයකින් තේ හැඳි භාගයක් (සමේ ස්වභාවය අනුව)
සාදා ගන්නා ආකාරය
පළමුව දාස්පෙතියා මල් පෙති ටික වෙන්කර අව්වේ වේළා ගන්න.
එයට ජලය ස්වල්පයක් එක්කොට හොඳින් රත්කර ගන්න (ජලය නටන මට්ටම දක්වා).
ඉන්පසුව එය පෙරා යුෂ වෙන්කර ගන්න.
නැවුම් කෝමාරිකා මදය බ්ලෙන්ඩර් කොට එයින් තේ හැඳි 2ක් දාස්පෙතියා මල් සාරයට එක්කොට සියල්ල හොඳින් කලවම් කරන්න.
ඉන්පසුව ඔබගේ සමේ වර්ගය අනුව එනම්, තෙල් සහිත සම _ ටී ටී්ර ඔයිල්
සාමාන්‍ය වියළි සමට _ ලැවෙන්ඩර් තෙල්
හෝ කුරුලෑ සහිත සංවේදී සමක් නම් ලෙමන් ඔයිල් තේ හැඳි 1/2ක් එක්කොට ටෝනර් එක සකසා ගත යුතුයි.
භාවිත කරන ආකාරය
දිනපතා රාත්‍රි නින්දට යෑමට පෙර මුහුණ, බෙල්ල හොඳින් පිරිසුදු කොට සාදාගත් ටෝනර් එක සම මත උඩු අතට ආලේප කරන්න. වේළෙන්නට තබා නින්දට යා යුතුයි. පසුව උදෑසනට සාමාන්‍ය පරිදි ෆේස් වොෂ්, ක්ලෙන්සර් යොදා සෝදා ඉවත් කළ හැකියි.
Face pack for glowing skin
අවශ්‍ය ද්‍රව්‍ය
1 කහ හෝ තැඹිලි දාස්පෙතියා මල් කිහිපයක්
2 උණු කළ නැවුම් කිරි අවශ්‍ය ප්‍රමාණයට
සාදාගන්නා ආකාරය
උණුසුම් නැවුම් කිරිවල දාස්පෙතියා මල් පෙති පැයක් පමණ පොඟවා ගන්න. ඉන්පසුව ආලේප කළ හැකි ආකාරයට පේස්ට් එකක් සාදාගත යුතුයි.
භාවිත කරන ආකාරය
සාදාගත් පේස්ට් එක පිරිසුදු කරගත් මුහුණ සහ බෙල්ල ප්‍රදේශයේ හොඳින් ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සතියකට දින 3ක් පමණ සිදුකිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබාගත හැකිය.
කුරුලෑ ආසාදනයන් සඳහා සුදුසු නෙලුම් මල් සත්කාරයක්
අවශ්‍ය ද්‍රව්‍ය
1 නෙලුම් මල් කිහිපයක්
2 ජලය ස්වල්පයක්
3 දෙහි යුෂ හෝ ලෙමන් යුෂ ස්වල්පයක්
සකසා ගන්නා ආකාරය
නෙලුම් මල්වල පෙති වෙන්කර ගන්න. ඉන්පසුව පෙති අව්වේ වියළා ගන්න. පෙති වැසෙන ප්‍රමාණයට ජලය එක්කොට නටන තෙක් හොඳින් උණු කරගන්න. ඉන්පසුව පෙරා යුෂ වෙන්කරගන්න.
භාවිත කරන ආකාරය
සකසා ගත් නෙලුම් මල් සාරයට ලෙමන් හෝ දෙහි යුෂ බින්දු කිහිපයක් එක්කොට හොඳින් කලවම් කරන්න. පිරිසුදු කරගත් මුහුණෙහි ආලේප කරන්න. මෙම සත්කාරය දිනපතා භාවිත කළ හැකිය.
දිනූෂා මනෝරි නිශ්ශංක
Share This Article