නැන්දාගේ යෝගට් මායමට රැවටුණු දැරිය, විනාශ කළ නරුමයා අත්අඩංගුවට
Thursday, 23 July 2020 - 10:00 | Views - 1,478
අවුරුදු 12ක් වයසැති ශ්වසන රෝගයකින් පෙළෙන දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අවුරුදු පනස් හතරක් වයසැති එක්දරු පියකු සහ ඊට අනුබල දීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ පෙරේදා (21) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට ලක්වූ දැරිය සැකකරුගේ ලේලිය වන අතර සැකකාරිය ඇයගේ නැන්දාය. එම දැරිය පස්වන වසරේ ඉගෙනුම ලබන අතර ශ්වසන රෝගයෙන් පෙළීම නිසා මාසිකව වෛද්‍ය සායනයකින් ප‍්‍රතිකාර ලබන දැරියකි.

දැරියගේ නැන්දා විසින් ඇයට යෝගට් එකක් දී නිවසට කැඳවාගෙන ගොස් ඇත. පසුව ඇයගේ ස්වාමිපුරුෂයා විසින් දැරියට අතවර කර ඇත. සිද්ධිය පිළිබඳව දැරිය ඇයගේ මවට පැවසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය විසින් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කැර ඇත. සැකකරු සහ සැකකාරිය වැල්ලවාය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපති ජේ. සී. ඒ. බ‍්‍රැසිල් කුමාර මහතා විසින් පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර - රවිඳු ගුණතිලක
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top