දුම්බර වනපෙතේ දුර්ලභ සුදු ගෝනෙක්
Thursday, 23 July 2020 - 9:32 | Views - 1,226
අතිශය දුර්ලභ සුදු ගෝනෙකු දුම්බර ලෝක උරුම වනාන්තරයෙන් වාර්තා කිරීමට කනිෂ්ඨ පරිසරවේදියකු සමත් වී තිබේ.
මීට වසර ගණනාවකට පෙර, පිටවලතැන්න ප‍්‍රදේශයේ සුදු ගෝනෙකු සිටි බවට වාර්තා වී තිබුණත් මෙම අලූත් සුදු ගෝනා වාර්තා වන්නේ එම කඳුකරයේම වෙනත් ප‍්‍රදේශයකිනි.
වනාන්තරයේ ගවේෂණයක යෙදී සිටින අවස්ථාවක මෙම සුදු ගෝනා නිරීක්ෂණය කළ බවත් එහිදී ඡායාරූපගත කළ මෙම ගෝනා පිළිබඳව තමන් තවදුරටත් නිරීක්ෂණයේ යෙදෙන බවත් පරිසරවේදී කේ.ජී. ලසිත සුරංග කුළුගම්මන මහතා පැවසීය.
දිවයින
Share This Article