අලුත උපන් දියණියගේ මුහුණවත් බලන්නට වරම් නොදී, හිත්පිත් නැති කොරෝනා බිලිගත් අම්මෙකුගේ ජීවිතය - Photos
Thursday, 23 July 2020 - 9:00 | Views - 8,672
තම අලුත උපන් දියණිය වැළඳගැනීමටවත් වරම් නොමැතිව කොරෝනා නිසා අවසන් ගමන් යන්නට සිදු වූ මවක් ගැන අතිශය සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
මෙම පුවත වාර්තා වන්නේ කොරෝනාවෙන් දැඩි බලපෑම් එල්ලව ඇති ඇමරිකා එක්සත් ජනපදයෙන්. 35 හැවිරිදි අරෝරා චකොන් නම් මෙම මව කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුව බෘක්ලින් මධ්‍යස්ථානයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා.

ඇගේ දරුවාට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබීම ගැන වෛද්‍යවරුන් සැලකිලිමත් වූ අතර ඇය අවසන් ගමන් යන්නේ පසුගිය 19 වැනි ඉරුදින අළුයමයි. ඒ තම දරුවා බිහි කිරීමෙන් අනතුරුව යි.
 
ගැබ්ගෙන සිටි කාල වකවානුව තුළ අරෝරාට නොනවතින කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතා ඇතුළු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවයි ඩේලිමේල් පවසන්නේ.
 
සති දහයකට පෙර නොමේරූ දරු ප්‍රසූතයක් සිදු කළත් දරුවාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් ව තිබෙනවා.
 
අරෝරාට තවත් දියණියන හත් දෙනෙකු හා පුතෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
 
ඇගේ ස්වාමි පුරුෂයා වන ජුවාන් ඩුරාන් විසින් සිය වෙබ් පිටුවේ සඳහන් කර තිබුනේ, "මගේ බිරිඳ අරෝරා දැන් දෙවියන් වහන්සේ සමඟ සමාදානයෙන් සිටින" බවයි.
 
"ඇය දෙවියන් සමඟ සිටින බවත්.. යහපත් ජීවිතයක් කරා ගමන් කර ඇති බවට මට විශ්වාසයි. අපිට ඇයව සඳහටම මඟ හැරුණා. ඇය ශක්තිමත්.. වගේම ආදරණීය කෙනෙක්... පළමු දිනයේ සිට ඔබ විසින් සිදු කළ සියලු යාඥා-වලට, ප්‍රාර්ථනාවලට ස්තුතියි.."
 
Dailymail ඇසුරිනි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top