මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2752ක් දක්වා ඉහළට
Thursday, 23 July 2020 - 8:48 | Views - 1,013

ඊයේ දිනයේ ආසාදිතයන් විසිදෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2752 දක්වා ඉහල ගියා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම ආසාදිතයන්ගෙන් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි අය බවයි.
එමෙන්ම තවත් 07 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ ඇති අතර අනෙක් පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කළේ.
ඒ අනුව ආසාදිතයන් 677 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන අතර සුවය ලැබූ සංඛ්‍යාව 2064ක්.
එමෙන්ම මුහුදු නාවිකයන් ඇතුලු ගුවන් මගීන් 29 දෙනෙකු දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අද අලුයම දිවයිනට පැමිණියා.
මොවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමුකළ බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර නිරෝධායන මධ්‍යස්ථානවල සහ ස්වයං නිරෝධායනයේ යෙදෙන අයගේ ඡන්දවල රහස්‍යභාවය සම්බන්ධයෙන් චකිතයක් ඇති කර නොගත යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.
ඒ මැතිවරණ කොමිසන් සභාවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Share This Article