බත්තරමුල්ල අවට හෙට රාත්රි 10 සිට පැය 8ක ජල කප්පාදුවක්
Wednesday, 22 July 2020 - 15:18 | Views - 314
බත්තරමුල්ල - බටපොත ජල ටැංකියට ජලය සැපයෙන නළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්රී 10 සිට පැය අටක කාලයක් බත්තරමුල්ල අවට ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාළඹේ, ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.
මේ අතර තවත් නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා පෙරවරු අටේ සිට පැය 12ක කාලයක් කළුතර ප්රදේශ කිහිපයකටද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කළා.
ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර හා දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝඹුවල සහ මග්ගොන යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.
මීට අමතරව, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්රදේශවලටද අනිද්දා පෙරවරු අටේ සිට පැය 12 ක් මෙලෙස ජලය අත්හිටුවනු ඇති.
Share This Article