බත්තරමුල්ල අවට හෙට රාත්‍රි 10 සිට පැය 8ක ජල කප්පාදුවක්
Wednesday, 22 July 2020 - 15:18 | Views - 315
බත්තරමුල්ල - බටපොත ජල ටැංකියට ජලය සැපයෙන නළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට රාත්‍රී 10 සිට පැය අටක කාලයක් බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ ඒ අනුව බත්තරමුල්ල, කොස්වත්ත, තලාහේන, මාළඹේ, ජයවඩනගම සහ තලවතුගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

මේ අතර තවත් නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා පෙරවරු අටේ සිට පැය 12ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයකටද ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය නිවේදනය කළා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර හා දකුණ, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිලමිනාවත්ත, බෝඹුවල සහ මග්ගොන යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනවා.

මීට අමතරව, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලටද අනිද්දා පෙරවරු අටේ සිට පැය 12 ක් මෙලෙස ජලය අත්හිටුවනු ඇති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top